News

සැමන් ටින් එක 550 ට වික්ක කප්රුක මුදලාලි දැන් ‘ලයින්‘ වෙලා

ඇඳිරි නීතිය පවතින කාලයේ ඔන්ලයින් ක්‍රමයට වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ කප්රුක නමැති මධ්‍යස්ථානයක් පාරිභෝගික පැමිණිලි මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික අධිකාරිය එක්ව ඊයේ (25 වැනිදා) වැටලා තිබේ.

කොළඹ කිරුලපන ප්‍රදේශයේ මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත. ටින් කළ මාළු රු. 550 කටද, පරිප්පු කිලෝ ග්‍රෑමයක් රු. 300 කටද, බී ලූනු කිලෝ ග්‍රෑමයක් රු. 500 කටද, අර්තාපල් කිලෝග්‍රෑමයක් රු. 500 කටද මෙම මධ්‍යස්ථානයෙන් අලෙවි කර ඇත.

මෙම මධ්‍යස්ථානයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පාරිභෝගික ජනතාවගෙන් අයකරගත් වැඩිපුර මුදල යළි ලබා දීමටද නියමිත මිලට භාණ්ඩ අලෙවි කිරීමටද එම ආයතනය පොරොන්දු වී ඇත.

උදයජීව ඒකනායක