සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම විශේෂ පොලිස් ආරක්ෂාවක්
මෙවර ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,845 කදී ඡන්ද විමසීම සිදු කෙරෙයි.
අද උදෑසන 7 ට ආරම්භ කෙරුණු ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 5 දක්වා ක්‍රියාත්මක වන අතර සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේය.
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයන් එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියි.
