සෑම පොලිසියකටම සයිබර් නිලධාරියෙක්
දිනෙන් දින සිදුවන සයිබර් ප්රහාර වැඩිවීම නිසා දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම සයිබර් ආරක්ෂක නිලධාරියකු පත්කරන ලෙසට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංසික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබේ.
දිවයිනේ පොලිස් අධිකාරි කොට්ඨාස 43 ටම පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධ සිවිල් නිලධාරියකු මේ සඳහා බඳවා ගැනීමට නියමිතය.
මෙම සයිබර් ආරක්ෂණ නිලධාරියාගේ ක්රියාකාරිත්වය පොලිස් මූලස්ථානයේ අදාළ කොට්ඨාස සමග ජාලගත කරන ලෙසට ද නිර්දේශ කර ඇත. එම පුද්ගලයා තොරතුරු තාක්ෂණය සඳහා උසස් ඩිප්ලෝමාවක් සහිත සුදුසුකම් සම්පූර්ණ කළ යුතු බව සඳහන් වේ.
චමින්ද සේනාරත්න
