සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ජාත්‍යන්තර ගුවන් සේවා වෙත නිල දැනුම්දීමක්
මෙරට ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල සියලු වාණිජ මගී ගුවන් ගමන් ලබන 31 දක්වා අත්හිටුවීම සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය ජාත්‍යන්තර ගුවන් සේවාවන් වෙත නිළ දැනුම්දීමක් සිදු කර ඇත.
එම අදාල කාලය තුළ ශ්‍රී ලංකාවෙන් මගීන් රැගත් ගුවන් යානා වලාට, නතර කරනු ලබන ගුවන් යානා වලට සහ ශ්‍රී ලංකාව හරහා ගමන් කරනු ලබන යානා වලට මෙම අත්හිටුවීම අදාල නොවන බවයි.
කටුනායක ගුවන් තොටුපළ හරහා ගුවන් මගීන්ට හුවමාරු කාලය පැය 6කට සීමා කිරීමත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හදිසි ගොඩබෑම් සහ මානුෂීය ගුවන් ගමන් වලට මෙන්ම තාක්ෂණික ගොඩබෑම්වලට ඉඩ සලසන බව එම නිවේදනයෙන් දැක්වේ.
