News

සිසුවාට කොරෝනා නැහැ – ආනන්ද විදුහල්පති

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය (Covid 19) ආසාදනය වූ පලමු රෝගියාගේ දරුවාට එම වෛරසය ආසාදනය වී නොමැති බව කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පති එස්. එම්. කීර්තිරත්න මහතා පවසයි.

විදුහල්පතිවරයා සදහන් කළේ එම සිසුවා ආනන්ද විදුහලේ 12 ශ්‍රේණියේ ඉගෙනු ලබන අතර ඔහුට කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කිසිදු රෝගයක් නොමැති බවයි.

එමෙන්ම විදුහල තුළ කිසිදු ගැටළුකාරී තත්ත්වයක් නොමැති බව ද එස්.එම්. කීර්තිරත්න මහතා සදහන් කළේය.

කෙසේ වෙතත් සිසුන් අද දින පාසලට පැමිණීමේ තරමක අඩුවක් තිබූ බවද කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.