සුපිරි වෙළෙඳසැල් හෙට විවෘත වන වේලාවන්
කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇඳිරී නීතිය හෙට (24) උදෑසන 6.00ට ඉවත් කෙරූ පසු එම කාලය තුළ දී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා අදාළ දිස්ත්‍රික්කයන් හි වෙළෙඳසැල් විවෘතව තැබේ.
මෙරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලා ද මහජනතාව වෙනුවෙන් විවෘත වනවා ඇත.
මේ අනුව ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් කිහිපයක ශාඛා හෙට(24) දින විවෘත වන කාලසීමාවන් පහත දැක්වේ.
කාගිල්ස් ෆුඩ් සිටි – පෙරවරු 7.00 සිට පෙරවරු 11.30 දක්වා
කීල්ස් සුපර් – පෙරවරු 7.00 සිට මධ්‍ය්හන 12.00 දක්වා
ආපිකෝ සුපර් සෙන්ටර් – පෙරවරු 7.00 සිට පෙරවරු 11.00 දක්වා
(ශාඛා කිහිපයක් පෙරවරු 7.30 ට විවෘත කෙරේ)
ලාෆ්ස් සුපර් – පෙරවරු 7.00 සිට මධ්‍ය්හන 12.00 දක්වා
උදෑසන 6.00ට ඉවත් කරනු ලැබූ ඇඳිරි නීතිය නැවත මධ්‍යහ්න 12.00 ට පනවනු ලැබේ.
