News

‘‘සුරක්ෂා’’ ගැන යළි සලකා බැලීමට යයි

අධ්‍යාපන අමාත්‍යාංශයේ සුරක්ෂා රක්ෂණාවරණයෙන් මෙතෙක් ලබාදී ඇති ප්‍රතිලාභවලින් සියයට හැට පහක්ම ගෙවා ඇත්තේ සිසුන්ගේ දෙමව්පියන්ගේ මරණවලට බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

දෙමව්පියන්ගේ මරණ වෙනුවෙන් එක් දරුවකුට රුපියල් ලක්ෂ දෙක බැගින් හිමි වෙයි.

මෙම තත්ත්වය මත වැඩි පිරිවැයක් දැරීමට සිදුවන හෙයින් එම ප්‍රතිලාභ සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස මුදල් අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයිද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

සුරක්ෂා රක්ෂණය ඉදිරියේදී මාසිකව වියදම් පියවීමේ ක්‍රමයකට යාම සම්බන්ධයෙන් ද අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයට ද කරුණු ඉදිරිපත් කර තිබේ. කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව ඉදිරි පියවර ගැනීමට නියමිතය.

 

නිලන්ත මදුරාවල