සුළු වැරදි කරලා ඇප ලැබිලත් දඩුවම් විදින සිරකරුවන්ට සහන
ඇප කොන්දේසි සපුරා ගැනිමට නොහැකිව සුලු වැරදී සඳහා බන්ධනගාරගතව සිටින පුද්ගලයින්ට සහන සැලසීම පිළිබද සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නීති විශාරදයන්ට උපදෙස් දී තිඛේ.
මීට අදාලව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබු කමිටුව අද එතුමා හමුවු අවස්ථාවේදි මේ බව සඳහන් කළා.
සුලු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතවුවන්ට නීතිමය සහන සැලසීමේ ඇති හැකියාව සොයා බැලිමට පත් කළ මෙම කමිටුව යලි ලබන 26 වනදා ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි.
