සූර්යයා හෙට සිට සෘජුවම ලංකාවට ඉහළින්
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී හෙට(05) සිට අප්‍රේල් 14 දක්වා සූර්යයා ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පසුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හෙට(05) දිනයේදී දහවල් 12.13ට අම්බලන්ගොඩ, තල්ගස්වල,පස්ගොඩ,මිද්දෙනිය,උස්වැව හා වීරවිල යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
