News

හමුදා කඳවුරේ බුදු රූ පිළිම ආකෘතිය පිළිස්සීම ගැන කියයි

යුද හමුදාවේ ගැමුණු සේවා බලකායේ කුරුවිට කඳවුරකදී පැරණි බුදු පිළිම ආකෘතියක් පුළුස්සා දැමීම ගැන යුද හමුදාව නිල පැහැදිලි කිරීමක් කර ඇත.

එම සිදුවීම පිළබඳව සමාජ මාධ්‍යයේ පුවත් පැතිරයමක් ද සිදුව ඇත.

කෙසේ වෙතත් පැවසෙන්නේ මීට වසර 15කට පමණ පෙර පොසොන් උත්සවයක් සඳහා කඩදාසි පල්ප යොදාගෙන එම පිළිම තනා තිබූ බවයි. එසේම එම ආකෘතිය විනාශ කිරීමේදී’ දී තිබු උපදෙස් ක්‍රියාත්මක නොවී තිබුණු බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.