News

හමුදා රථයක් අධිවේගයේ පෙරලි සෙබලු 04ක් රෝහලේ

නිරෝධායනයට ලක්වු පිරිසක් ඇරලවා යලි යාපනය බලා ගමන්කරමින් සිටි යුධ හමුදා සාමාජිකයින් ගමන්ගත් ටාටා වර්ගයේ කැබ් රථයක් අද (06) පෙරවරුවේ දක්ෂිණ ලංකා අධිවෙගි මාර්ගයේ 88 වැනි කිලෝමිටර්යේ දි මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්විමෙන් එහි ගමන්ගත් යුධ හමුදා සාමාජිකයින් සිවි දෙනෙකු සුළු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිස්මුරපොළ පවසයි.

මෙකි යුධහමුදා සාමාජිකයින් යාපනය අයියකච්චි යුද හමුදාකදවුරට අනුයුක්තව සේවයකරණ අය බව පොලිසිය පවසයි.

නිරෝධායන ක්‍රියාවලිය අවසන් වු පිරිසක් මාතරට ඇරලවා යලි යාපනය බලා යමින් සිටියදි කැබ් රථයේ රෝදයක හුළං බැසිමෙන් වාහනය පාලනය කරගැනිමට නොහැකිව ඉවතට පැන කණ්ඩියක වැදිමෙන් මෙම අනතුරවි ඇති බව පොලිසිය පවසයි.

තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බව කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.