News

හැදල ලාදුරු රෝහල අසල අදත් විරෝධතාවයක්

හැදල ප්‍රදේශයේ පිහිටි ලාදුරු රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පත් කිරීමට විරෝධය පලකරමින් ප්‍රදේශවාසීන් විසින් අද (06) දිනයේත් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ මෙම උද්ඝෝෂණය හේතුවෙන් හැදල හේකිත්ත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන ඇති බවයි.

කොරෝනා වෛරසය පැතිර යන රටවල සිට දිවයිනට පැමිණෙන සියලුම පුද්ගලයින් දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමේ අරමුණින් හැදල ලාදුරු රෝහල නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා තීරණය කළේය.

ඊට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබූ අතර, අද දිනයේ ද එය තුන්වන දිනටත් මෙලෙස ක්‍රියාත්මකයි.