News

හින්දු දේවස්ථාන පිළිබඳ ගෙන යන කට කතා බොරු

මෙරට හින්දු දේවස්ථාන කිහිපයකට හානි සිදුව ඇති බවට පළවන වාර්ථා අසත්‍ය බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශ පවසයි.

නල්ලූර් කන්දස්වාමි කෝවිල, ත්‍රිකුණාමලය කෝනේෂ්වරම් කෝවිල සහ රම්බොඩ ආන්ජනෙයියර් කෝවිල යන හින්දු සිද්ධස්ථානවල ගොඩනැගිලිවලට හානි සිදුව ඇති බවට සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රචාර ගෙන ගොස් ඇති අතර ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශ  ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතාපවස සිටියේය.