News

හෙට රජයේ නිවාඩු දිනයක්

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස හෙට(16)දින රජයේ මෙන්ම බැංකු සහ වෙලඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ(14) රාත්‍රියේ ඒ බව ප්‍රකාශ කලේය.

මෙම නිවාඩුව පෞද්ගලික අංශයේ ආයතනවල සේවය කරන සියලු දෙනා වෙතද ලබාදෙන ලෙස නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ උපදෙස් මත අමාත්‍යංශ ලේකම් ඩී.එම්. සරත් අභයගුණවර්ධන මහතා ඉල්ලා සිටියි