News

ෆවුසි ශ්‍රීලනිපයෙන් දොට්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි පක්ෂයෙන් ඉවත් කළ බව පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (22 වැනිදා) දැනුම් දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ඒ.එච්.එම්. ෆවුසි මහතා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී කටයුතු කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ විනය කමිටුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණි. එහෙත් විනය කමිටුව හමුවේ පෙනී නොසිටි මන්ත්‍රීවරයා පක්ෂයෙන් ඉවත් කිරීමට ශ්‍රීලනිප පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ (21 වැනිදා) රාත්‍රියේ තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන තිබේ.

උදයජීව ඒකනායක