අංගොඩ ලොක්කාත් ඩුබායි හිදී අත්අඩංගුවට
මෙරට තවත් ප්‍රභල සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වෙන මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා නැමැත්තාද ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයෙන් පළාගිය අංගොඩ ලොක්කා නමැත්තා ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ඩුබායි හි ඇති ආරක්ෂිත කැමරා පද්ධිතය හරහා සිදුකර තිබෙනවා.
අංගොඩ ලොක්කා නැමති මෙම පාතාල නායකයාට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මෙන්ම මනුෂ්‍ය ඝාතන ඇතුලු අපරාධ රැසක් පිළිබඳව චෝදනා එල්ලවී තිබෙනවා.