අකුරැස්සේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ සැකකරුවන් ගිනි අවි 02ක් සමග අත්අඩංගුවට
අකුරැස්ස ප්රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකුට වෙඩි තබා පළා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩි තැබීමට සැකකරුවන් 05දෙනෙකු සහ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවි 02ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සදහන් කළේ අකුරැස්ස පොලිස් ස්ථානාධිපතිට ලද තොරතුරක් මත ඊයේ (09) සවස යතුරු පැදියේ ගමන් කරමින් සිටියදී සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි.
එම සැකකරුගේ ප්රකාශ මත තවත් අනෙක් සැකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් තිදෙනා අතර පානදුර යුද හමුදා කදවුරට අනුයුක්ත සේවය කරන යුධ හමුදා සෙබළෙකු ද සිටී.
සැකකරුවන්ගෙන් ප්රශ්න කිරීමේදී සැකකරුවන් සගවා තිබූ ටී 56 ගිනි අවි 02ක්, මැගසින් 02ක් සහ සජීවී පතරොම් කිහිපයක් ද සොයාගත් බව පොලීසිය නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.
සැකකරුවන්ගෙන් ප්රශ්න කිරීමේදී මෙලෙස සොයාගත් ටී 56 ගිනි පසුගිය දිනක පානදුර උතුර පොලිස් ස්ථානයෙන් සොරකම් කරන ලද ගිනිඅවි 02ක් බවට අනාවරණය වී ඇත.
ඒ අනුව මෙම අවි සොරකමට අදාළ යුධ හමුදා සෙබළෙකු අද දින අළුයම පානදුර දකුණ පොලිස් වසමේ නල්ලූරුව ප්රදේශයේදී අකුරුස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වෙඩි තැබීමට ආධාර අනුබලදීම සහ මුදල් ලබාදීම සම්බන්ධවද තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.
