අගමැතිකම අත්හැරියේ රට වෙනුවෙන් – ජනතාව මාත් එක්ක ඉන්නවා
තනතුරු අත්හැරියේ රටේ තත්ත්වය ගැන සිතබලා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අද පෙර වරවේ තංගල්ල කාල්ටන් නිවසේ පැවැති උත්සවයක් අමතමින්.
අගමැතිකම්, ජනාධිපතිකම් අපි ඔව්වා කරලා තියෙනවා. මහ ඡන්දයක් බලාගෙන තමයි ජනාධිපතිතුමා අපිට ආරාධනා කළේ. රටම ණය බරින් මිරිකිලා තිබුණේ. කිසිම සංවර්ධනයක් තිබුණේ. ජනතාවට බදු බර තිබුණේ. ඒ බදු බර කොච්චරද නම් කියනවා නම් ප්රංශයේ ඇති වුනදේ අපි නොහිටින්නට ලංකාවේත් ඇති වෙන්න ඉඩ තිබුණා. ඒක නිසා තමයි ජනාධිපතිවරයා අපිට මේක බාරදීලා රට වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා බැලුවේ. ටික දවසකට අපි ජනතාවට සහන ලබාදුන්නා. බදු බර අපි අයින් කළා. වැට් බද්ද අයින් කළා. නොයෙක් විදියේ සහනාධාර ජනතාවට ලබාදීලා, ඉතිරු සහනාධාර දෙන්න යනකොට තමයි උසාවියෙන් අපිට තහනම් නියෝග දුන්නේ. අපේ වැඩ තහනම් කරලා. ඒ තීන්දුවත් එක්ක අපිට පුළුවන් කමක් නැහැ. ඉදිරියට අගමැතිකම් අපිට කරන්න පුළුවක්නම තිබුණා. නමුත් රටේ තත්ත්වය ගැන බලලා මේ රට වෙනුවෙන් අපි ඒක දීලා ආවා. ඉතිං ඒක ඒ තරම් කාරණයක් නෙමෙයි. අස්වෙලා යන එක මට ඒ තරම් ප්රශ්නයක් නෙමෙයි. මොකද මම දන්නවා මගේ ජනතාව මාත් එක්ක ඉන්නවා කියලා. ඒ ජනතාව ඉන්නකන් අපි බය වෙන්නේ නැහැ.