අගමැතිගේ ඉල්ලීම පරිදි හෙට විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව හෙට පෙරවරු 11.30ට විශේෂ පාර්ලිමේන්තු රැස්වීම කැඳවා ඇත.
ඒ බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේය.
මෙම රැස්වීමට සහභාගී වන ලෙස කථානායකවරයා සියලු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීමට ආදාළ ගැසට් නිවේදනයද කථානායක කරූ ජයසූරිය මහතා විසින් පසුගියදා නිකුත් කළේය.
