අගමැති දරණ අමාත්‍යාංශයේ නම කියන්නම විනාඩි දෙකක් යනවා – නාමල්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දරණ අමාත්‍යාංශයේ නම කීමට පවා විනාඩි දෙකක කාලයක් ගතවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු,නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.
එසේම මේ වන විට ජාතික තරුණ සේවා සභාව සිරිකොත කාර්යාලයක් බවට පත් කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
වත්මන් ආණ්ඩුවේ ගතවූ වසර හතරක කාලය තුළදී ජනතාවට අසත්‍ය පවසා නොමග යැවීමට කටයුතු කළ බවත් මහින්ද රාජපක්ෂ මහතාට දොස් පැවැරීමට කටයුතු කළ බවත් සිදු කළ බව ඔහු ප්‍රකාශ කළ අතර ඉතිරිව ඇති සුළු කාලයේදී හෝ ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන්නැයි ඔහු ප්‍රකාශ කළේය.