News

අගමැති රනිල්ට එරෙහි පෙත්සම් විභාගයෙන් විනිසුරුවරියක් ඉවත්වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු දිපාලි විජේසුන්දර මහත්මිය ඉවත් ව තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත දිපාලි විජේසුන්දර මහත්මිය ඉවත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කොළඹ නාගරික මන්ත්‍රි ශර්මිලා ගෝනවල මහත්මිය වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙම පෙත්සම ගොනු කළේ, රාජ්‍ය ආයතනවලට සේවාවන් සපයා මුදල් උපයන සීමාසහිත ලේක්හවුස් ප්‍රින්ටින් ඇන්ඩ් පබ්ලිෂස් පුද්ගලික සමාගම වික්‍රමසිංහ මහතා ප්‍රධාන කොටස්කරුවෙකු වන බැවින් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නොහැකි බව පෙන්වා දෙමින්.

අදාළ පෙත්සම අද දිපාලි විජේසුන්දර මහත්මිය හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

අද තීරණය කෙරුනේ, පෙත්සම දීපාලි විජේසුන්දර මහත්මිය නොමැති වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ හෙට (01) සිට යළි සලකා බැලීමටයි.