News

අගමැති සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහි පෙත්සම් විභාග කෙරේ

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යානුකූල බලයක් නොමැති බවට ගොනු කළ පෙත්සමක් මේ වන විට අභියාචනාධිකරණයේදී විභාග වෙමින් පවතිනවා.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

එම පෙත්සම් මගින් මොවුන් ඉල්ලා තිබෙන්නේ වත්මන් අග්‍රාමාත්‍යවරයාගේ සහ අමාත්‍ය මණ්ඩලයට අමාත්‍ය ධූර දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට එම පත්වීම් බල රහිත කරන ලෙසටයි.