News

අගමැතිට හා ඇමති මණ්ඩලයට එරෙහි පෙත්සම් විභාගයට දින තීන්දුවෙයි

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීම සහ හිටපු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ට අමාත්‍ය ධූර දැරීම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ලබන ජනවාරි මස 16, 17, 18 විභාග කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.