News

අග්‍රාමාත්‍යවරයා හෙට බංග්ලාදේශයට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා හෙට (19) බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතයි.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරතවීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශයේ 50 වන නිදහස් සංවත්සර සැමරුම ට ද සහභාගිවීමට නියමිතයි.

මෙම සංචාරය අතරවාරයේදී අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා ද පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරයි.