News

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ විශේෂ ප්‍රකාශය

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

එහිදි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ තමන් අගමැතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව දෙවනුවට කළ යුතුව තිබෙන්නේ නව කැබිනට් මණ්ඩලය පත්කිරීම බවයි.

ජනාධිපති ලෙකම් කාර්යාලයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයට පැමිණ පළමුව ආගමික වතාවත්වල නිරත වුණා.

ඉන් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම විශේෂ ප්‍රකාශය සිදුකරනු ලැබුවේ.