News

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරකරුවන්ට පහරදීමේ සිද්ධියට තවත් කමිටුවක් පත් කරයි

අඟුණකොළපැලැස්ස රිමාන්ඞ් බන්ධනාගාරයේ සිදුවුවා යැයි කියන සිරකරුවන්ට පහරදීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට තවත් කමිටුවක් පත් කළ බව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරයි.

බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා ගේ ප‍්‍රධානත්වයෙන් පත්කරනු ලැබූ ති‍්‍රපුද්ගල කමිටුවට අමතරව මෙම කමිටුව පත් කළ බව ඇමතිනිය කියයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයෙකු,රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නියෝජිතයකු සහ අධිකරණ අමාත්‍යංශයේ නියෝජිතයකු මෙම නව කමිටුවට අයත් වන බව කී අමාත්‍යවරිය පෙර පත් කළ කමිටුව ලබන සඳුදා (21) එහි වාර්තාව භාර දීමට නියමිත අතර පත් කළ කමිටුව ලබන 25වෙනිදා එහි වාර්තාව භාරදීමට නියමිත බව කියයි.