අඟුණකොළපැලැස්ස සිදුවීම ගැන හොයන්න දෙවන පරීක්ෂණ කණ්ඩායමක්
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි දෙවන පරීක්ෂණ කණ්ඩායම අද (18) නම් කර ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී.එම්.නානායක්කාර මහතා , රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බී.එම්.එම්.එම්.බස්නායක මහත්මිය සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජී.ඩී.ඒ.ස්වර්ණලතා මහත්මිය දෙවැනි පරීක්ෂණ කමිටුවට පත් කර ඇතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
මෙම දෙවැනි පරීක්ෂණ කණ්ඩායම හෙට (19)දින සිට අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් එම කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එම පරීක්ෂණ වාර්තාව ලබව 25 වැනිදාට පෙර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියට ලබා දීමටද නියමිතය.