අඩුපීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි
දකුණු බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ මධ්‍යම කොටසේ පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහි බලපෑමක් ලෙස දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලටත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් මුලතිවු සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට වැඩිවන අතර එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.