අතපසු වූ අධ්‍යයන කටයුතු සඳහා හිලව් සැසි නැහැ
රට තුළ පැවති වාතාවරණය හේතුවෙන් අධ්‍යයන කටයුතු සඳහා බාධා එල්ල වු සති දෙකක කාලය සඳහා හිලව් සැසි නොපැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඒ අනුව දෙවන පාසල් වාරයට නියමිත ඉගෙනුම් – ඉගැන්වීම් සහ ඇඟයීම් ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා විසින් පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.
සියලු විෂය කරුණු ආවරණය වන පරිදි වාර සටහන් සංශෝධනය කිරීමට සහ සිසුන්ගේ පැමිණීමේ විෂමතාවයක් ඇති වුවද, සාමාන්‍ය පරිදි කාල සටහන් අනුව අධ්‍යයන කටයුතු සිදුකරන ලෙස අධ්‍යාපන ලේකම්වරයා දැනුම් දී ඇත.