News

අතරමංව සිටි ලාංකිකයන් ගෙන්වාගැනීමට ඇමති නාමල් මැදිහත් වෙයි

ඩුබායි හි රැඳීසිටින මෙරටට පැමිණීමට නොහැකි ලාංකික ශ්‍රමිකයන් පිරිසක් හමුවීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගොස් තිබේ.

එම පිරිස සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව’ එම පිරිස නැවත ලංකාවට පැමිණීමට අවශ්‍ය පහසුකම් සපයා ඇත. එම පිරිසට අවශ්‍ය ගුවන් ටිකට් පත් ද සපයා තිබේ.

සංචාරය සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟ රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා ද එක්ව සිටි අතර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත.