අත්අඩංගුවට ගත් කොකේන් කිලෝග්‍රෑම් 765කට අධික ප්‍රමාණයක් විනාශ කිරීම අද
අත්අඩංගුවට ගත් කොකේන් කිලෝග්‍රෑම් 765 කට අධික ප්‍රමාණයක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණය යටතේ ප්‍රසිද්ධියේ විනාශ කිරීමට නියමිතය.
මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ නීති විරෝධි මත්ද්‍රව්‍ය තොගයක් එලෙස විනාශ කරරණ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
එම මත්ද්‍රව්‍ය තොගය සපුගස්කන්ද ගබඩා සංකීර්ණයකදී දියර බවට පත්කර පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාවේදී පුළුස්සා දැමීමට නියමිත බව සඳහන් වෙයි.