අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගෙනා කන්ටේනර් වරායෙන් ඉවත් කරගන්න – වරාය අධිකාරිය දැනුම් දෙයි
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කළ කන්ටේනර් කොළඹ වරායෙන් වහාම නිදහස් කරගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුව සහ වරාය අධිකාරිය අදාළ ආනයන සමාගම්වලට දැනුම් දී ඇත.
මෙම කන්ටේනර නිදහස් නොකිරීම හේතුවෙන් කොළඹ වරායේ ඉඩකඩ ඇහිරී ඇති බව වරාය අධිකාරිය පෙන්වා දෙයි. එම නිසා ශ්‍රී ලංකා රේගුව විසින් දැනුම් දී ඇති ආයතන කන්ටේනර් නිදහස් කරගැනීමට පියවර ගත යුතු බව වරාය අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මයාදුන්නේ පවසයි.
මාර්තු මස 16 වැනිදා සිට 31 වැනි දින දක්වා කොළඹ වරායට අනවශ්‍ය ආහාර සහිත කන්ටේනර 6556ක් ලැබී ඇත. මෙරටින් කන්ටේනර 2456ක් අපනයනය කර තිබේ.
උදයජීව ඒකනායක
