News

අතිපූජ්‍ය අත්තරගම වජිරජෝති නායක මාහිමිපාණන් අපවත් වෙති

මහනුවර හරංකහව, හේනේගම ශ‍්‍රී සංඝානන්ද පිරිවෙනේ විහාරාධිපති උඩරට අමරපුර මහා නිකායේ අනුනායක මහෝපාධ්‍ය රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය අත්තරගම වජිරජෝති නායක මාහිමිපාණන් ගිලන්ව සිට 16 වන දා මහනුවර රෝහලේ දී අපවත් වූහ.

35 වසරක් හේනේගම ශ‍්‍රී සංඝානන්ද විද්‍යායතන පිරිවෙනේ පරිවෙණාධිපති ධුරයත්, 1981 ජනවාරි සිට පස් වසක් සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකාරාම විහාරාධිපති ධුරය දැරූ උන්වහන්සේ සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, ජපානය, නේපාලය, වියට්නාමය, බුරුමය, තායිලන්තය, ඇමරිකාව, එංගලන්තය, ප‍්‍රංශය, තායිවානය, ඉතාලිය, ස්විස්ටර්ලන්තය, රෝමය වැනි රටවල විදේශ ධර්ම¥ත සේවයේ යෙදී ඇත.

උන්වහන්සේගේ ශ‍්‍රී දේහය මහජන ගෞරවය පිණිස හේනේගම ශ‍්‍රී ස්වර්ණබිම්බාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන අතර 19 වැනි සෙනසුරාදා විහාරස්ථානයේ දී ආගමික වතාවන් සිදුකිරීමෙන් අනතුරුව මහනුවර, අලවත්තේගම විද්‍යාලයීය ක‍්‍රීඩාංගනයේ දී ප.ව 5.00 ට ආදාහන පූජෝත්සවය සිදුකෙරේ.