අතිරේක විදුලිය ලබාගැනීමට විදුලිබල මණ්ඩලයට අවසර
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ අවශ්‍ය වුවහොත් අතිරේක විදුලිය ලබාගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
අතිරේක විදුලිය ලබා ගැනීමට අවසර දී ඇති වුවත් විදුලිය ඇනහිටීමේ හෝ කපා දැමීමේ අවදානමක් දැනට නොමැති හෙයින් ඒ සඳහා අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජානක රත්නායක මහතා පවසයි.
ජල විදුලිය නිෂ්පාදනය කරන්න අවශ්‍ය වතුර ප්‍රමාණය ජලාශවල තිබෙන හෙයින් ඉදිරි මාස 02 තුළ කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන බව ඒ මහතා ප්‍රකාශ කරයි.