News

අද තැපැල් සේවකයින් ලෙඩ වෙයි

තැපැල් සේවකයින් අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණවී ඇත.

බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලුවලට මීට පෙර පොරොන්දු වූ විසඳුම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම තීරණය ගත් බවත් එයට දිවයින පුරා සියලුම තැපැල් සේවකයින් එක්වන බවත් තැපැල් වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

සියලු ඉල්ලීම්වලට විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිය අවසන් අදියරේ පවතින අවස්ථාවක මෙවැනි ක්‍රියාමාර්ගවලට එළැඹීම නුසුදුසු ක්‍රියාවක් බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.