News

අදත් පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.