අදත් සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බැවින්, විශේෂයෙන් උතුරු, උතුරු-මැද,වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
යාපනය, මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර යාපනය, මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ සහ සබරගමුව සහ මධ්‍යම පළාත්වල මි.මී. 50 ක පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
