News

අද උණුසුම වැඩි දවසක්

බස්නාහිර ඇතුළු පළාත් තුනක සහ තවත් දිස්ත්‍රික්ක තුනක අද (16 වැනිදා) උණුසුම් දර්ශකය (මිනිස් සිරුරට දැනෙන උණුසුම) වැඩිවිය හැකි බවත්, ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.

බස්නාහිර, වයඹ සහ සබරගමුව යන පළාත්වලත්, ගාල්ල, මාතර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම් දර්ශනය සෙල්සියස් අංශක 32 ත් 41 ත් අතර මට්ටමක පවතින බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

 

සාලිය කුමාර ගුණසේකර