News

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම සිමා කෙරේ

මහ කොළඹ ජල හා අපජල වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (08) දිනයේදී ජල සැපයුම සීමා කිරීමට තීරණය කර ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ අද රාත්‍රි 09 සිට පසුදින පස්වරු 03 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවය.

ඒ අනුව කොළඹ 01, 13, 14 සහ පිටකොටුව යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය නිකුත් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.