කෝට්ටේ නගරාධිපති ජනාධිපති කොමිසමට
පසුගිය සිව් වසරේ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාගෙන් අද දිනයේ ප්‍රකාශයක් ලබා ගැනීමට තීරණය කර ඇත.
කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා බදු පදනම මත ලබාගත් ගොඩනැගිල්ල පිළිබඳව හා එම ගොඩනැගිල්ල සඳහා නියමිත සැලසුම් අනුමත කර තිබේද, එය නීත්‍යනුකූල පරිදි අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කර ඇතිද යන්න මෙහිදී විමර්ශනයට සැලසුම් කර ඇත.
එම ප්‍රකාශය අද (19)නගරාධිපතිවරයාගේ කාර්යාලයේදී ලබා ගැනීමට නියමිතව ඇති බව එම කොමිසම සඳහන් කළේය.
