News

අද පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද (26) පස්වරු 1.00න් පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක්ද අපේක්ෂා කෙරෙන බවයි.

උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.