News

අද සවස් කාලයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට සුදුසු කාලගුණික තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම බරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තු සදහන් කළේය.

මේ අතර ත්‍රිකුණාමලය සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පොතුවිල් සිට ගාල්ල, කොළඹ සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩදුරටත් සදහන් කළේය.