News

අද සවස ඌවට, මඩකලපුවට හා අම්පාරට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, මධ්‍යම,සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වලඇතැම් ස්ථාන වලට මි.මී. (50-75) ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව සඳහන් කරයි.

උතුරුසහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලයසහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගයේ විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.