අද සවස සබරගමුව, මධ්‍යම ඌව සහ දකුණු පළාතට වැසි
මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ, උතුරු-මැද, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන අද (10) සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඌව, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි අතර එම පළාත්වල ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැකි බවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.