News

අධ්‍යාපන අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්

අධ්‍යාපන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රණසිංහ මහතා පත් කර තිබේ.

රණසිංහ මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීමේ ලිපිය ලබා ගත්තේ ය.

අත්දැකීම් බහුල පරිපාලන නිලධාරියෙකු වන නිහාල් රණසිංහ මහතා මීට පෙර ආගමන, විගමන පාලක ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.