අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් යලිත් ජනපති පරීක්ෂණ කොමිසමට
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා අද යළිත් පසුගිය සිව්වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවා ඇත.
පාසල් පෙළ පොත්වල විෂය භාර අමාත්‍යවරයාගේ ඡායාරූපයක් පළ කිරීම සම්බන්ධ විමර්ශනයේදී සාක්ෂි දුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂකවරයා සිටි අයි.එම්.කේ.බී ඉලංගසිංහ මහතාට දුන් ස්ථාන මාරුව අවලංගු කරන ලෙස කොමිසම දුන් නියෝගය ක්‍රියාත්මක වූවා දැයි සනාථ කර ගැනීම සඳහාය.
ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව පෙරේදා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර ඇත්තේ අදාළ ස්ථාන මාරුව නීත්‍යානුකූල නොවන බවත්, වහාම ඔහු පෙර සේවය කළ තනතුරේ පිහිටවන ලෙසත් වන අතර ඒ පිළිබඳව කරුණු විමසීමට ඊයේ දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇතත් ඔහු රාජකාරි කටයුතු බහුල බව දන්වමින් කොමිසම හමුවේ පෙනී නොසිටියේය.
