News

අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් තිදෙනෙකු පිටිගල පොලීසිය විසින් ඊයේ (13) රාත‍්‍රියේ කරනු ලැබු මෙහෙයුමකදි අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් තල්ගස්වල, ඉදිපොලෙගොඩ යන ප‍්‍රදේශවලදි අත්අඩංගුවට ගෙන ඇත. නිති විරෝධිමත් පැන් ළග තබා ගැනිම, පුද්ගලයකුට පොල්ලකින් පහරදි තුවාල සිදුකිරිම, තියුණු ආයුධයකින් පහරදි තුවාල සිදුකිරිම යන චෝදනා සම්බන්දයෙන් මොවුන්ට එරෙහිව අධිකරණයේ නඩු විභාගවෙමින් පවතින බවද පොලිසිය පවසයි.

පිටිගල පොලිස් ස්ථානාධිපති මහේෂ් කරුණාරත්න ඇතු`ඵ නිලධාරින් විසින් වරෙන්තුකරුවන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබිය.

සරත් කුමාර ලොකුගේ-අක්මීමන