අධිකරණවල පවරා ඇති නඩු කටයුතු ප්‍රමාදයට වගකිව යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව – සුමන්තිරන්
මහබැංකු කොල්ලය ඇතුළුව අධිකරණවල පවරා ඇති නඩු කටයුතු ප්‍රමාදයට වගකිව යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කරයි.
ඊයේ (27) දින කොළඹ පැවැත්වූ උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පවා තමන් ඉල්ලා සිටි බව ද පැවසු සුමන්තිරන් මහතා මේ වන විට සියලු වැඩ කටයුතු බාධා සිදුව ඇති බවද පැවසු අතර මහාධිකරණ පිහිටුවා ඇති බවත්, ඒ තුළින්වත් කිසිදු කටයුත්තක් නිසි ලෙස ඉටු වී නොමැති බවත් මෙයට කිසි විටෙකත් දේශපාලඥයින්ට වගකිව නොහැකි බවත්, එයට සම්පූර්ණයෙන් නීතිපතිවරයා වගකිව යුතු බව ද සඳහන් කළේය.