අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනයෙන් සොයා ගනියි
යාපනය,කොයියාතෝට්ටම් ප්‍රදේශයේ තිබි අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්රැම් හතරක් හා ඩෙටනේටර් තොගයක් ඊයේ(24) සොයාගෙන ඇති බව යාපනය පොලිසිය පවසයි.
යාපනය පොලිසිය පැවසූවේ පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්ට ලද තොරතුරක් මත අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි. අදාළ පුපුරණ ද්‍රව්‍ය සි4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් වන අතර අදාළ ස්ථානයේම තිබි ඩෙටනේටර් 10 ක් සොයාගත් බවද පොලිසිය පැවසුවේය.
පොලිසිය පැවසූවේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් කිසියම් පිරිසක් සඟවා ඇති බවට ලද තොරතුරක් මත අදාළ සොයා ගැනීම සිදුකල බවයි. උතුරේ මහවිරු දින සැමරුම් වැඩසටහන් පැවැත්වීමට නියමිත බැවින් මේ වන විට යාපනය ඇතුළු ප්‍රදේශයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකොට ආරක්ෂක අංශ කටයුතු කරති.