News

අධිවේගයේ කොට්ටාව – හම්බන්තොට දක්වා ගමනාගමනය යලි ඇරඹෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගය කොට්ටාව සිට හම්බන්තොට දක්වා උදෑසන 7.00 සිට රාත්‍රී 7.00 දක්වා යළි ගමනාගමනය සදහා විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අද (20) සිට එය ක්‍රියාත්මක කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

මේ අතර අධිවේගී මාර්ගය ලබන බදාදා(22) සිට කටුනායක සිට හම්බන්තොට දක්වා යළි ගමනාගමනය සදහා විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පැවසීය.